ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන අතර පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත පාර්සල් පැමිණ තිබූ බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් එම පාර්සල් ලබා ගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

