අද (24) දින සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇති බව එම සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030 ක් බවයි සඳහන් වන්නේ.
මීට අමතරව වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අඩු කළ මිල ගණන් සහ නව මිල පහතින්.
* කිරිපිටි (ලංකා සතොස) 400g – රු.50 කින් (නව මිල රු.1030)
* වියළි මිරිස් 1 KG – රු.45 කින් (නව මිල රු.1350)
* රතු පරිප්පු 1KG – රු.10 කින් (නව මිල රු.325)
* සෝයා මීට් (තොග) 1KG – රු.10 කින් (නව මිල රු.660)
* ලොකු ලූනු 1KG – රු.06 කින් (නව මිල රු.129)
* සුදු සීනි 1KG – රු.04 කින් (නව මිල රු.239)

