බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම බිලියන 2.6 ක් බවත් ඉන් බිලියන 2.3ක් අතිකාල දීමනා සඳහාත් වැටුප් සඳහා බිලියන 7 ක් වැයවී ඇති බවත් මේ හේතුවෙන් පසුගිය වර්ෂවල රුපියල් බිලියන 10 ක පමණ අලාභයක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නැති කිරීම සඳහා ඩිජිටල්කරණය කළ යුතු බවත් මාස තුනක් තුළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් සඳහන් කළා.

