ජනක රත්නායක ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

janaka-rathnayake-22

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්නවලින් පසු විවාදය ආරම්භ වීමට නියමිතයි.

පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.