මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 60 ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 40 ක්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.
ටයිටන්ස් ඉනිම වෙනුවෙන් ෂුබ්මාන් ගිල් ලකුණු 42 ක්, දසුන් ශානක ලකුණු 17 ක්, රෂීඩ් ඛාන් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වුණා.

