රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසනවා.
දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23,168 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 531 දෙනෙකු සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 622 ක්, වරෙන්තුකරුවන් 1,662ක්, සැකපිට පුද්ගලයින් 1,516ක්, බීමත් රියදුරන් 732ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් 1,157ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5,689 ක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

