උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළට

botanic-gardens-kandy

ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළ දමමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12 ට අඩු ළමුන් සහ පාසල් සිසුන් සඳහා ගාස්තුව රුපියල් 30 ක් සහ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා රුපියල් 50 ක් ලෙස ගාස්තු ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විදේශික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.