IMF පළමු සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මසදී

R

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය අභියෝගාත්මකව පවතින බවයි Peter Breuer සහ Masahiro Nozaki නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පළමු සමාලෝචනය වනවිට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමඟ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම මෙන්ම මහ බැංකු ස්වාධීනත්වය සහතික කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ වැඩසටහන් බැඳීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම අත්‍යාවශ්‍ය වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.