2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය හා තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව එහි B කාණ්ඩයෙන් තරග වදින අතර, දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.
මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
A කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය තරග වැදීමට නියමිතයි.

