නව සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

colombo-city

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

ac7015e86775ce66ca5f35d860b9d773