e-Passport හඳුන්වාදීම මෙම වසර තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා – ටිරාන් අලස්

passport

e-Passport හඳුන්වාදීම මෙම වසර තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.