නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

upfa

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුත්තක් අධිකරණයේ විභාග වෙමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.