ගම්පහ සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළට

dengue

ගම්පහ දිස්ත්‍රික්කයේ සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එසේම දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 370 අතරින් ඩෙංගු වැඩි අවධානමක් සහිත කොට්ඨාස 39 ක් හඳුනාගෙන ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බවත් නිසි අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවීම හා රෝහල්ගතවීම මඟින් මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඇය සඳහන් කළා.

නිවෙස් ආශ්‍රිතව 0.4% ක් සහ රාජ්‍ය ආයතන ආශ්‍රිතව 0.6% ක් ඩෙංගු මදුරු කීටයන් හමුවන බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර එම ස්ථාන පිරිසිදු කිරීම් කටයුතු කළ යුතු බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි වැඩිදුරටත් සඳහන් කළේ.