ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.
ඒ සදහා සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකු මේ වන විටත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවයි ඔහු සඳහන් කළේ.
අදාළ නිලධාරීන් පිරිස දැනට බිත්තර ආනයනය කරන ගොවිපළවල් නිරීක්ෂණය කර දිවයිනට පැමිණි පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
දෛනිකව ඉන්දීය බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

