ව්‍යාපාරිකයන් දේශපාලක​යන්ගේ වහලුන් නොවිය යුතුයි – සජිත්

sajith-new

ව්‍යාපාරිකයන් දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී, ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දේශපාලකයන්ගේ වගකීම වන්නේ ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන පැරණි ක්‍රමය බැහැර කර, සිස්ටම් එක තුළින් පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ඇති විට අල්ලස්, පගා ගැටලුවලටද විසඳුම් ලැබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.