බිත්තර ආනයනය කිරීම පුළුල් කිරීමේ අරමුණින් නියෝජිත පිරිසක් ඉන්දියාවට

egg

මෙරටට බිත්තර ආනයනය පුළුල් කිරීමේ අරමුණින් ඉන්දියාවේ ‍කුකුළු සහ බිත්තර ගොවිපොළ පරික්ෂාව සඳහා නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වනවා.

ඉන්දියාවේ, චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් අදාළ නිලධාරීන් විසින් පරික්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

දැනට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ 03කින් බිත්තර ආනයනය කිරීම සිදුකළත් එම ප්‍රමාණය, ප්‍රමාණවත් නොවීම නිසා බිත්තර ආනයනයට තවත් ගොවිපොළ හඳුනා ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.