අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද රාත්‍රී 10.00 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.
එසේම කොළඹ 04, 05, 07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

