මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදු කිරීමට තීරණය කෙරේ

vehichle

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. මැයි මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය බල පැවැත්වෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.