වසන්ත මුදලිගේ අත්අඩංගුවට

wasantha-mudalige-nn

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (19) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.