බණ්ඩි පොහොර මිල අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව, බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.
ඊයේ (15) දිනයේ සිට බණ්ඩි පොහොර රුපියල් 15,000 ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

