නිල්වලා ගඟ ආශ්‍රීත ප්‍රදේශයට වැසි අධිකව ලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය,මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමණාකරණ අංශවලින් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


