පාස්කු කොමිසම් සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට

pasku-report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාල් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමුකර තිබෙනවා.

ඒ අනුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් හැරල් ඇන්තනී හිමිපාණන්ට එය භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.