පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස් පිඬු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වීම මෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගැනීමත් අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතු නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
-
රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ – මිහිතලේ හිමි…..
Read more >> -
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්‍රමාණය වෙයි…..
Read more >> -
සලඹ හඬින් ගාලු මුවදොරදී ගිනස් ලෝක වාර්තාවක්…..
Read more >> -
මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..
Read more >> -
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්….
Read more >> -
හලාවත රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක්….
Read more >> -
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි…..
Read more >> -
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්……
Read more >> -
ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..
Read more >> -
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
Read more >>

