ග්‍රීසියේ පැවැති ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේදී වයස අවුරුදු 9න් පහළ විවෘත බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් රිත්මික කිරිංගොඩ ශිෂ්‍යයා සමත්වී තිබෙනවා.
ලෝක පාසල් කේවල චෙස් තරගාවලිය පසුගිය 14 දින සිට 22 දින දක්වා ග්‍රීසියේ රෝඩ්ස් නගරයේදී පැවැත්වී ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී අවුරුදු 9 න් පහළ බාලක ඉසව්වට ලොව පුරා ක්‍රීඩකයින් 61 දෙනෙක් සහභාගි වූ අතර, තරග වට 9 න් ලකුණු 7.5 ක් හිමි කරගනිමින් තෙහස් රිත්මික කිරිංගොඩ රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.