ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද සිට යළි ආරම්භ වෙයි

eye-hospital-nn

ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා තිබූ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට අක්ෂි ‍රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දැමීමට තීරණය කර තිබුණා.

අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත්, ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.