බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදිය යුතුයි – කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුව

egg

බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදෙන ලෙස කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාරත්න පවසනවා.

මීට පෙර බිත්තර නිෂ්පාදකයින් විසින් මිල තිරණය කළ බවත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව උදුරාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බිත්තර නිෂ්පාදකයින්ව දිරිගන්වා බිත්තර නිෂ්පාදනය වැඩිකළේ නම් ඉල්ලුම සැපයුම මත සාධාරණ මිලක් නියම වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.