SLvsIRE 1st Test : අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමා වෙයි

SLvsIRE

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 143 කට සීමාවී තිබෙනවා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 143 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී Lorcan Tucker ලකුණු 45 ක්, Harry Tector ලකුණු 34 ක් හා James McCollum ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 448 ක් ඉදිරියෙන් පසුවනවා.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය මේ වනවිට කඩුළු 02ක් දැවී ලකුණු 24 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

8934be98de40cabf3f57ceef170c3be8