IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) Kolkata Knight Riders කණ්ඩායම හා Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 81 ක ජයක් ලබා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royal Challengers Bangalore කණ්ඩායමට පන්දුවාර 18 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 123 ක් පමණයි.