IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) Punjab Kings කණ්ඩායම හා Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 5 ක ජයක් ලැබීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.

එම තරගය අතරතුර Punjab Kings කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ආබාධයකට ලක් වුණා.

පන්දු යවන අන්තයේ ඔහු රැඳී සිටින අවස්ථාවක පිතිකරණයේ නිරත වෙමින් සිටි ශිකර් ධවාන් එල්ල කළ පහරකින් අනතුරුව පෙරළා පන්දු යවන අන්තය වෙත වේගයෙන් පැමිණි පන්දුව භානුකගේ අතේ වැදීමෙන් ඔහු මෙලෙස ආබාධයට ලක් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192 ක් පමණයි.