SLvsNZ 2nd T20 : නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

SLVSNZ01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9 ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුනු 37 ක්, කුසල් ජනත් පෙරේරා ලකුණු 35 ක් හා චරිත් අසලංක ලකුණු 24 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී සිටියදී 15 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජය ගනිමින් තරග එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තෙවන විස්සයි විස්ස තරගය එළැඹෙන 8 වනදා පැවැත්වීමට නියමිතයි.