ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවේ

Isuru-Devapriya

ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

අද (2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ඇතැමුන් චෝදනා කරන පරිදී කිසිම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට කඩේ නොයන බවද හෙතෙම අවධාරණය කළේය. එසේම පක්ෂය ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවත් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ නව ව්‍යවස්ථාව ඇති කරනවාද නැද්ද යන්න පිළිබදව පක්ෂය තවමත් සාකච්ඡා කරන බවයි