ජාත්‍යන්තර වෙසක් දින සැමරැම එළඹෙන මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධශාසනසදහන් කරයි.
2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ දෙවන දින ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි.
එම රැස්වීම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව මෙම උළෙල සංවිධානය කිරීමට මෙතෙක් ඉටු කරන ලද කාර්යය භාරය අධ්‍යනය කර, සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යංශය අවධාරණය කරයි.
, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.
ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගී වීමටද නියමිතය, වෙසක් දින උළෙල සංවිධානය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක අමාත්‍ය අනු කමිටුව හා මෙම උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු 10ක් ක්‍රියාත්මක වේ.
එම එම කමිටු විසින් සිදු කරන සියලු කාර්යය භාරයන් වෙන වෙනම අධීක්ෂණය කරමින් එම කමිටුවල සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ.
සංඝරාජ හිමිවරුන්, මහා නායක හිමිවරුන්, ජත්‍යන්තර බෞද්ධ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ රාජ්‍ය නායකයින්, විදේශ ආරාධිතයන් ඇතුළු නියෝජිතයින්, නීරීක්ෂකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම උළෙලට සහභාගීවන බව මේ වන විට එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.
එසේම මේ වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්, විශේෂ දළදා පෙරහැරක් හා මහා සංස්කෘතික උළෙලක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමටද නියමිතය. දියවන්නා වෙසක් කලාපය, බෞද්ධ අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන්, බෞද්ධ සැරසිලි, දානමය පූජාවන් ඇතුලු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එම කටයුතු සංවිධානය කර ඇති බව වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.

