උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
ජනාධිපති ලේකම්වරයා සමග අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළේ, ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් අන්තර්කාලීන විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
කෙසේ නමුත් ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමේ සූදානමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

