මහ බැංකු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

court-2

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබෙනවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.