අද අපේ ජාතික ආර්ථික දේහයෙන් ලේ ගලා හැලෙන්නේ පර්පෙචුවල් ටේරෂරිස් සමාගමේ ලේ උරා බිම නිසායි” යනුවෙන් එ්කාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ ගුණවර්ධන මහතා පැවසීය.
එ් මහතා මෙසේ සදහන් කලේ බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ 28 කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,
“බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා එක්ක සාකච්ඡුා කළාග එහිදී අපි කියා සිටියේ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ බලපත්‍රය අහෝසි කරන්න කියලායි. අපි ව්‍යවස්ථාවෙන් මුල්‍ය මය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියන කාරණය මහ බැංකු අධිපතිවරයාට දැණුම් දුන්නා. එ් වගේම වැය ශීර්ෂ අනුමත කිරීම සදහා මුදල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවෙන් අවසර ගන්න සිද්ධවෙනවා. මේ ගැනත් අපි පෙන්වා දුන්නේ මුල්‍ය ක්‍රමය ගැන පාර්ලිමේන්තුව තියෙන බලය පෙන්වා දෙන්නයි.
අද වෙනකොට බැදුම්කර සිදුවීම නිසා මේ රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඇත්තටම මහ බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. එ් වගේම මහ බැංකුවේ කි‍්‍රයාමර්ග වලට පයින් ගහන තත්ත්වයකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. එ්කට හේතු වෙලා තියෙන්නේ මුදල් ඇමතිවරයා පසුගිය කාලයේදී කරපු ප්රකාශයි. මුදල් ඇමතිවරයා කිව්වා බැදුම්කර සිද්ධියට මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතුයි කියලා. ඇත්තටම මේ බේගල් නිසා මුදල් ඇමතිවරයා ගෙදර යවන්න ආණ්ඩුව පියවර ගතයුතුයි.
මුදල් ඇමති බැදුම්කර සිද්ධිය ගැන කියන්නේ පට්ට පල් බොරුවක්, මුදල් ඇමති කියන්නේ බොරුවක් කියන කාරණය සනාත කළාට පස්සේ එතුමාට කරන්න තියෙන්නේ ගෙදර යන එක විතරයි, එහෙම නැති වුනොත් ආණ්ඩුව එතුමාව ගෙදර යැවිය යුතුයි. අපි මේ නිසාම කතානායකවරයාගෙන් ඉල්ලූවා විශේෂ පාර්ලිමේනතු දිනයක් කැදවන්න කියලා. මේ අවස්ථාවේදී පක්ෂ බේදයන්ගෙන තොරව මුදල් ඇමතිවරයාගේ කි්රයාකාලාපයන්ට විරුද්ධ වියයුතුයි. මුදල් ඇමති ගෙන ආපු කැබිනට් පත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න එජපයේ ඇමතිවරුන් කි‍්‍රයා කළා. මේ සිද්ධියෙන් විශාල කරුණු කිහිපයක්ම සානාත වෙනවා.”
පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා
බැදුම්කර වංචාව නිසා මේරටේ මුල්‍ය වෙළෙඳපොලේ විශාල කඩා වැටීමක් සිද්ධවෙලා තියෙනවා. එ් නිසාම විදේශ සංචිත විශාල වශයෙන් කඩා වැටුනා. අනික ශී‍්‍ර ලංකාවේ විශාල වශයෙන් මුදල් අයෝජනය කරලා තිබුන විදේශිකයින් ඔවුන්ගේ ආයෝජන අරගෙන යන්න ගිහින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්.
මේ බැදුම්කර හොරකම ලංකා ඉතිහාසයේ විශාලතම හොරකමයි. එ්ත් මේක සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට හිටපු ජනාධිපති සම්බන්ධයි කියල මුදල් ඇමති ප්‍රකාශයක් නිකුත් කළා එහිදී කරුණු අටක් ඇතුලත් කරලා තිබ්බා. එ්ත් මේක පට්ටපල් අසත්‍යක් කියලා අද වෙනකොට මුළු ලෝකයටම හෙළිවෙලා අවසානයි.
අපි මුදල් අමත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඔය නිලයේ ගෞරවය ආරක්ෂා කරමින් මුදල් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න කියලා. එ්වගේම මහින්ද රාජපක්ෂ මහතා මේ බැදුම්කර වංචාවට සම්බන්ධ වුනා කියල කියන එක මහ පොළොව ඔරොත්තු නොදෙන මහ පට්ට පල් බොරුවක්.
රවී කරුණානයක කිව්වා පසුගිය කාලයේදී මහ බැංකු බැදුම්කර විකිණීමට ගෙන ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රමය නීත්‍යනුකූල නැහැ කියලා. එ් නිසාම මුළු ලොකයටම කියනවා නීත්‍යනුකූල නොවන ආකරයකටයි ශී‍්‍ර ලංකා රජය ණය අරගෙන තියෙන්නේ කියලා. එ් නිසා අද වෙනකොට බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන සියලූ දෙනා එම මුදල් ආපහු අරගන්න තත්ත්වයකට පත්වෙලා තියෙනවා.
මේ නිසා අපි ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ මුදල් ක්‍රමය ආරක්ෂා කරන්න බුද්ධ සාසන වගේ ඇමතිකමක් දීලා හරි දීලා මේ ඇමතිකමින් ඉවත් කරන්න කියලා.
එ්කාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා
විද්්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රදේශීය මාධ්යෙවිදියකුට මහියංගනයේ වනචාරී ප්‍රාදේශීය දේශපානඥයෙක් පහරදුන්නා. ඒක අශීලාචාර පහරදීමක්. මේ ආකාරයෙන්ම ප්‍රදේශීය මාධයෙවිදියකුට හම්බන්තොට වරායේදි ප්‍රහාරයක් එල්ල කළා. ඒ ගැන පරීකෂණයක් කලේ නෑ. ප්‍රහාරකයාට මාස හයක සේවා දිගුවක් ලැබුණා. මේ අශීලාචාර මිනිස්සු වහාම නීතය හමුවට ගෙනා යුතුයි. මාධ්‍ය ෙවිදීන්ගේ ආරක්ෂව තහවුරු කළ යුතුයි.
එමෙන්ම සයිටම් අයාතනයේ ප්‍රධාන විධායක නිළධාරීයාට වෙඩි තැබීම පිටුපස ප්‍රදේශීය දේශපාලනඥයෙක් ඉන්න බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නුමත් මේ පිටුපස ඉන්නේ පාතාලය සමඟ ගණුදෙනු කරන දේශපානඥයෙක් ඉන්නවා. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි මේ පුද්ගලායට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි”