ශ්‍රී පාදය මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව අද (17) දිනයේ ආරම්භ කර තිබෙනවා.
ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනය වීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අදාළ ස්ථානයේ ඇති ආහාරවල නියැඳි ලබා ගැනීම නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනයේ දී සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

