සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.
අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර මීට සුළු මොහොතකට පෙර කාසියේ වාසිය උරගා බැලීම සිදුකර තිබුණා.
ඒ අනුව දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිෂාන් මදුෂ්ක කණ්ඩායමට කැඳවා ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ Wagner ආබාධයකට ලක්වීම හේතුවෙන් Doug Bracewell කණ්ඩායමට එක්ව තිබෙනවා.

