අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන් ඇතුළු බැංකු සේවකයන් සේවාවලින් ඉවත්ව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ප්‍රදේශ රැසක පිහිටි බැංකු බොහෝමයක කටයුතු සිදු නොකෙරෙන බවයි සඳහන් වන්නේ.
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් මෙම වැඩ වර්ජනය අද (15) ක්‍රියාත්මක වනවා.
කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 272 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බංකු සභාපතිවරුන් තහවුරු කළ බවයි.

