මාවනැල්ල ප්රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් සභාපති ධූරයෙන් හා සභික ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
1987 අංක 15 දරන ප්රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.


