ගුරු වෘත්තීය සමිති හෙට (15) පැවැත්වෙන වැඩ වර්ජනයට එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඊළඟ කොටස ලබා දෙනතුරු රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

