ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටිනවා.
ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත්තා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටින අතර මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින Tom Latham ලකුණු 11 ක් හා Kane Williamson ලකුණු 7 ක් ලබා සිටිනවා.

