SLvsNZ : පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 305/6

SLVSNZ01

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබාගත් අතර වාර්තා කිහිපයක් පිහිටුවීමටද එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ සනත් ජයසූරියයි.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් එහිදී සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්,දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 47 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා කසුන් රාජිත ලකුණු 16 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

035f3e8cda721ce28e1e1ba965e5f4f6