ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.
එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර තරගය ශ්රී ලංකා වේලාවෙන් අද අලුයම 3.00 ට ආරම්භවී තිබුණා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටිනවා.
පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්රනාන්දු ලකුණු 13 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් ලබාගෙන තිබෙනවා.
මේ වන විට ලකුණු පුවරුව පහතින්,


