කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
ඒ අනුව අදාළ රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථාවේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

