උද්ඝෝෂණ හරහා ස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා – ජනපති

ranil-parliment-new

උද්ඝෝෂණ මාර්ගයෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

ජූලි 9 වනදා රට කඩා වැටුනා නම් අද මෙම තත්ත්වයට පැමිණීමට නොහැකි වන බවත් ජුනි මාසය වන විට රටේ ආදායම් තත්ත්වය බලා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.