පාර්ලිමේන්තුව අද රැස්වෙයි

parliment-new-01 (1)

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ මෝටර් වාහන පනත යටතේ ගැසට් පත්‍ර කිහිපයක පළ කර ඇති නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය 09 සහ 10 යන දින දෙකේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.