මැතිවරණ කොමිසමට තවදුරටත් කිසිඳු පාර්ශවයක අනුමැතියක් අවශ්‍ය නැහැ – ජී.එල්. පීරිස්

gl-pris-new

මැතිවරණ කොමිසම විසින් හෙට (07) දිනයේ පාළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව හෙට දිනයේ සිට එම දිනය ප්‍රකාශයට පත් කිරීම කල් දැමීමට කිසිඳු හේතුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ වෙනත් කිසිඳු පාර්ශවකයක අනුමැතියක් මැතිවරණ කොමිසමට තවදුරටත් අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.