පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවයි ඔවුන් වැඩිදුරටත් සිය ලිපිය මඟින් දැනුම්දී ඇත්තේ.

