කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවන බවයි සඳහන් වන්නේ.

