ICC Women’s T20 World Cup : ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අද

sl-women-team-win

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය අද පස්වරු 6.30 ට පමණ ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරග දෙකම ජයගත් අතර මේ වන විට පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පසුවනවා.